හදිසි
Island edition
··
LankaNews
දේශීය

වත්තේගම දැරිය මියගිය බවට පැතිරෙන පුවත බොරු

මහනුවර, වත්තේගම ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබියදී සොයාගත් සිව් හැවිරිදි දැරිය මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව කරුණු පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ. පසුගිය දින කිහිපය ප…

By Site Administrator1 මිනිත්තු කියවීම
වත්තේගම දැරිය මියගිය බවට පැතිරෙන පුවත බොරු

මහනුවර, වත්තේගම ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබියදී සොයාගත් සිව් හැවිරිදි දැරිය මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව කරුණු පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ.

පසුගිය දින කිහිපය පුරා දැරියගේ ඡායාරූප සමඟ ඇය මියගොස් ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් වේගයෙන් හුවමාරු වී තිබිණි.

කෙසේ වෙතත්, වත්තේගම පොලිසියෙන් සිදුකළ විමසීමකදී තහවුරු වී ඇත්තේ දැරිය ජීවත්ව සිටින අතර මහනුවර ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඇයගේ තත්ත්වය ජීවිතයට තර්ජනයක් නොවන බවද පොලිසිය සඳහන් කර ඇත.

මහනුවර ජාතික රෝහලද දැරිය තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව තහවුරු කර තිබේ.

මීට පෙර වත්තේගම ප්‍රදේශයේදී අතහැර දමා තිබියදී සොයාගත් දැරිය තුවාල සහිතව රෝහල්ගත කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර, සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

එබැවින් දැරිය මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සටහන් අසත්‍ය බවත්, තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

මූලාශ්‍රය: Fact Crescendo Sri Lanka

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න