හදිසි
Island edition
··
LankaNews
දේශීය

ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් මරුට

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවක් වන දේශානි ගුණර…

By Site Administrator1 මිනිත්තු කියවීම
ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් මරුට

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවක් වන දේශානි ගුණරත්න මහත්මියයි.

ඔවුන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් පසුව ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, අද (19) උදෑසන මියගොස් තිබේ.

මියගිය කාන්තාවගේ දේහය තණමල්විල පිහිටි ඔවුන්ගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න