හදිසි
Island edition
··
LankaNews
දේශීය

සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගයේ ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරුවලින් සිදුවන ජීවිත හානි සහ බරපතළ තුවාල අවම කිරීමේ අරමුණින්, සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් ආසන පටි පැල…

By Site Administrator1 මිනිත්තු කියවීම
සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගයේ ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරුවලින් සිදුවන ජීවිත හානි සහ බරපතළ තුවාල අවම කිරීමේ අරමුණින්, සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් ආසන පටි පැලඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අදාළ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් බවයි.

ආසන පටි නොපැලඳ ගමන් කරන පුද්ගලයන්ගෙන් රුපියල් 1,000ක දඩ මුදලක් අයකර ගැනීමට නීතිමය ප්‍රතිපාදන පවතින අතර, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල මගීන්ගෙන් ද එම දඩය අයකර ගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

මේ අතර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළේ ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලය ද සැප්තැම්බර් 19 වැනිදායින් අවසන් වන බවයි.

2025 සැප්තැම්බර් 25 වැනිදා නිකුත් කළ අංක 2455/29 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න