දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීමේ නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් ඔස්සේ “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.
රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් සහමුලින්ම මැඩපැවැත්වීමේ අරමුණින් මෙම ජාතික මෙහෙයුම 2025.10.30 වන දින සිට ක්‍රියාත්මක කර ඇත.
පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ 2026.08.18 දිනට අදාළ දෛනික වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.




