හදිසි
Island edition
··
LankaNews
දේශීය

ගෝඩා සහ නීති විරෝධී මත්පැන් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

2026.08.18 දින කටුනායක, හිරණ සහ හෝමාගම පොලිස් වසම්වල සිදුකළ වැටලීම්වලදී නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා සහ නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක පොලිස් වසමේ කපුවත…

By Site Administrator1 මිනිත්තු කියවීම
ගෝඩා සහ නීති විරෝධී මත්පැන් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

2026.08.18 දින කටුනායක, හිරණ සහ හෝමාගම පොලිස් වසම්වල සිදුකළ වැටලීම්වලදී නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා සහ නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක පොලිස් වසමේ කපුවත්ත ප්‍රදේශයේදී සවස සිදුකළ වැටලීමකදී ගෝඩා ලීටර් 3,780ක් සමඟ 22 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හිරණ පොලිස් වසමේ අරුග්ගොඩ ප්‍රදේශයේදී දහවල් සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 67 මිලිලීටර් 500ක් සහ ගෝඩා ලීටර් 1,110ක් සමඟ 53 හැවිරිදි අරුග්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, හෝමාගම පොලිස් වසමේ පිටිපන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගෝඩා ලීටර් 2,340ක් සමඟ 33 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

සිද්ධීන් සම්බන්ධයෙන් කටුනායක, හිරණ සහ හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න