හදිසි
Island edition
··
LankaNews
දේශීය

රුපියල් කෝටියකට අධික මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුදල් ගනුදෙනු සිදුකරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (18) සවස වැල්ලවීදිය පොලිස් වසමේ වැ…

By Site Administrator1 මිනිත්තු කියවීම
රුපියල් කෝටියකට අධික මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුදල් ගනුදෙනු සිදුකරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (18) සවස වැල්ලවීදිය පොලිස් වසමේ වැටලීමක් සිදුකර තිබේ.

එහිදී රුපියල් 10,467,000ක මුදලක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තහවුරු කිරීමට නොහැකි වූ බැවින්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 19 හැවිරිදි කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න