2026 අගෝස්තු 17 වන දින දහවල් යක්කලමුල්ල පොලිස් වසමේ යක්කලමුල්ල–ඉමදූව මාර්ගයේ වාඩියවත්ත ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇද වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අහංගම දෙසට ධාවනය වූ බස් රථයෙන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ඉමදූව රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ. එහිදී ඇය මියගොස් ඇත.
මරණයට පත්ව ඇත්තේ ඉමදූව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, යක්කලමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




