හදිසි
Island edition
··
LankaNews
දේශීය

විදේශගතව සැඟව සිටි අපරාධකරුවෙකු දිවයිනට

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමානයේ සැඟව සිටි, රතු නිවේදනයක් නිකුත් කර තිබූ 28 හැවිරිදි සංවිධානාත්මක අපරාධකරුවෙකු අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට එරෙහිව…

By Site Administrator1 මිනිත්තු කියවීම
විදේශගතව සැඟව සිටි අපරාධකරුවෙකු දිවයිනට

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමානයේ සැඟව සිටි, රතු නිවේදනයක් නිකුත් කර තිබූ 28 හැවිරිදි සංවිධානාත්මක අපරාධකරුවෙකු අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට එරෙහිව ‘ගණේමුල්ල සංජීව’ ලෙස හැඳින්වූ සංජීව කුමාර සමරරත්නගේ ඝාතනයට ආධාර අනුබල දීම, මට්ටක්කුලිය පොලිස් වසමේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සහ ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් නීති විරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමට නියමිතය.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න