හදිසි
Island edition
··
LankaNews
දේශීය

පළමු කුඹල් පෙරහරට මහනුවර විශේෂ රථවාහන සැලැස්ම

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට (18) පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. 2026 අ…

By Site Administrator2 මිනිත්තු කියවීම
පළමු කුඹල් පෙරහරට මහනුවර විශේෂ රථවාහන සැලැස්ම

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට (18) පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

2026 අගෝස්තු 18 වැනිදා ආරම්භ වන පළමු කුඹල් පෙරහර පස්වරු 6.52ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිතය. පෙරහර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 1.65කි.

පෙරහර කාලය තුළ මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

කටුගස්තොට දෙසින් මහනුවරට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය හරහා නගරයට පැමිණිය හැකිය. සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය සහ යටිනුවර වීදිය ඔස්සේ විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත, වේල්ස් පාර්ක් හන්දිය සහ ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ ගමන් කළ හැකි අතර, රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු වීමටද හැකිය.

නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන සඳහා දළදා වීදිය සහ සංඝරාජ මාවත ඔස්සේ විකල්ප මාර්ග භාවිත කළ හැකිය. කොළඹ දෙසින් මහනුවරට පැමිණීමටත්, මහනුවරින් කොළඹ දෙසට පිටවීමටත් විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර භාවිත කළ හැකිය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 18 සිට 28 දක්වා පැවැත්වෙන බැවින්, එම කාලසීමාව තුළ පොලිසිය විසින් දෛනික රථවාහන සැලසුම්ද ක්‍රියාත්මක කරනු ඇත.

හදිසි විමසීම් සඳහා: 081 223 3333 / 071 859 1045

මූලාශ්‍රය: පොලිස් මාධ්‍ය කොට්ඨාසය

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න