ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික මහා උත්සවය අද සඳුදා කොඩි එසවීමේ උත්සවයෙන් ආරම්භ වේ.
ඒ අනුව දින 25ක් පුරා උදෑසන සහ සන්ධ්‍යා කාලවලදී විවිධ ආගමික උත්සව පැවැත්වීමට නියමිතය.
මහා උත්සවයේ ප්‍රධාන අංග අතර අගෝස්තු 26 වැනි බදාදා සවස 4.45ට මංජ උත්සවය ද, 3 වැනිදා සවස 4.45ට කාර්තිකෛ උත්සවය ද පැවැත්වීමට නියමිතය.
5 වැනිදා සෙනසුරාදා සවස 4.45ට කෛලාස වාහන උත්සවය ද, 6 වැනිදා ඉරිදා සවස 4.45ට වේල් විමාන උත්සවය ද පැවැත්වේ.
7 වැනිදා සඳුදා සවස 4.45ට ඔරුමුග උත්සවය සහ 8 වැනිදා අඟහරුවාදා සවස 4.45ට සප්පර උත්සවය පැවැත්වීමට නියමිතය.
9 වැනිදා බදාදා උදෑසන 6.15ට රථ පෙරහැර පැවැත්වෙන අතර, පසුදා 10 වැනිදා බ්‍රහස්පතින්දා උදෑසන 6.15ට තීර්ථ උත්සවය පැවැත්වේ. එදින සවස 5.30ට කොඩි පහත දැමීමේ උත්සවය ද පැවැත්වීමට නියමිතය.




