හදිසි
Island edition
··
LankaNews
දේශීය

ත්‍රිකුණාමලයේදී කිලෝ 3.1ක වකුගඩු ගලක් ඉවත් කරයි

ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකුගේ කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 100ක් බරැති දැවැන්ත වකුගඩු ගලක් ශල්‍යකර්මයක් මගින් සාර්ථකව ඉවත් කර තිබෙනවා. මෙම ශල්‍යකර්මය ඊයේ (14.08.2026)…

By Site Administrator1 මිනිත්තු කියවීම
ත්‍රිකුණාමලයේදී කිලෝ 3.1ක වකුගඩු ගලක් ඉවත් කරයි

ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකුගේ කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 100ක් බරැති දැවැන්ත වකුගඩු ගලක් ශල්‍යකර්මයක් මගින් සාර්ථකව ඉවත් කර තිබෙනවා.

මෙම ශල්‍යකර්මය ඊයේ (14.08.2026) සිදුකර ඇති බව වාර්තා වෙනවා.

ලැබී ඇති තොරතුරුවලට අනුව, 2003 වසරේදී බ්‍රසීලයේදී කිලෝග්‍රෑම් 1.9ක් බරැති වකුගඩු ගලක් ඉවත් කළ බව ලෝක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වන බව පැවසෙනවා.

කෙසේවෙතත්, ත්‍රිකුණාමලය මහ රෝහලේදී මෙවර ඉවත් කළ වකුගඩු ගල කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 100ක් බරැති බව සඳහන්.

වෛද්‍ය ප්‍රහලදන් බාලක්‍රිෂ්ණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම ශල්‍යකර්මයට වෛද්‍ය එම්.එම්. රිෂ්ලි, වෛද්‍ය ජේ.එම්. ඉහ්සාන්, වෛද්‍ය සී. ප්‍රහලදන් ඇතුළු වෛද්‍යවරුන් මෙන්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අමිල ද සහභාගී වී තිබෙනවා.

ත්‍රිකුණාමලය මහ රෝහලේදී මෙවැනි සංකීර්ණ වකුගඩු ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකිරීම නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය සේවා හැකියාව පෙන්නුම් කරන වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න