හදිසි
Island edition
··
LankaNews
දේශීය

මහල් නිවාසයකින් වැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි තට්ටු 14ක මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, අගෝස්තු 16 වනදා සවස මෙම සිදුවීම මරදාන පොලිසියට වාර්තා වූ බවයි. මූලි…

By Site Administrator1 මිනිත්තු කියවීම
මහල් නිවාසයකින් වැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි තට්ටු 14ක මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අගෝස්තු 16 වනදා සවස මෙම සිදුවීම මරදාන පොලිසියට වාර්තා වූ බවයි.

මූලික විමර්ශනවලට අනුව, දරුවා තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලක පිහිටි නාන තටාකය ආසන්නයේ සිට අවට සිරි නරඹමින් සිටියදී ගොඩනැගිල්ලේ විවෘතව තිබූ කොටසකින් පහළට ඇදවැටී ඇති බව අනාවරණ වී තිබෙනවා.

මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචි දරුවෙකු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න