හදිසි
Island edition
··
LankaNews
දේශීය

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මව්බිමට එන්න දොරටු විවරයි

යුද්ධය පැවැති සමයේ නීත්‍යනුකූල නොවන අයුරින් ඉන්දියාවට ගොස් සරණාගතයන් ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්වේච්ඡාවෙන් යළි දිවයිනට පැමිණීම සඳහා ආගමන නිෂ්කාශන පහසුකම් සැලසීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මව්බිමට එන්න දොරටු විවරයි

යුද්ධය පැවැති සමයේ නීත්‍යනුකූල නොවන අයුරින් ඉන්දියාවට ගොස් සරණාගතයන් ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්වේච්ඡාවෙන් යළි දිවයිනට පැමිණීම සඳහා ආගමන නිෂ්කාශන පහසුකම් සැලසීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හරහා යළි පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පහසුකම් සැලසීමට නියමිතය.

නව ක්‍රමවේදය යටතේ, අනුමත තොටුපොළකින් හෝ ගමන් බලපත්‍රයකින් තොරව රටින් පිටව ගොස්, ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා අනන්‍යතාව තහවුරු කරගත් පුද්ගලයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

ඔවුන් මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහීත්වය වැනි බරපතළ වැරදිවලට සම්බන්ධ නොවන බව තහවුරු වුවහොත්, තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කර 1948 අංක 20 දරන ආගමන හා විගමන පනත යටතේ නීතිමය පියවර ගැනීමකින් තොරව මෙරටට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

අදාළ කාලසීමාවේදී අවිධිමත්ව සංක්‍රමණය වූ පුද්ගලයන් සඳහාද අනන්‍යතාව තහවුරු කිරීම සහ රාජ්‍ය බුද්ධි සේවා නිෂ්කාශනය ලබා ගැනීමෙන් අනතුරුව, ආගමන හා විගමන පාලක ජනරාල්වරයාගේ බලතල ප්‍රකාරව නීතිමය බාධාවකින් තොරව මෙරටට ඇතුළුවීමට පහසුකම් සැලසීමට නියමිතය.

කෙසේවෙතත්, මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහීත්වය හෝ වෙනත් විශේෂ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් පැමිණියහොත්, ඔවුන් තොටුපොළේදීම රඳවාගෙන අදාළ නීතිමය පියවර ගැනීම සඳහා සුදුසු ආයතන වෙත යොමු කිරීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න