හදිසි
Island edition
··
LankaNews
දේශීය

ජීව අත්බෝම්බයක් හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය පොලිස් වසමේ දිගන ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය සමඟ 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි. 2025 අගෝස්තු 11 වැනිදා සවස ලද තොරතුරක්…

By Site Administrator1 මිනිත්තු කියවීම
ජීව අත්බෝම්බයක් හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය පොලිස් වසමේ දිගන ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය සමඟ 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

2025 අගෝස්තු 11 වැනිදා සවස ලද තොරතුරක් මත තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් දිගන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,155ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 63,000ක මුදලක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා ඔහු රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දිගන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී සූක්ෂමව සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,250ක්, කඩු දෙකක් සහ උල් පිහියක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න