හදිසි
Island edition
··
LankaNews
දේශීය

බෙල්ලන්විල පෙරහැරට දින 3ක් රථවාහන සීමා

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර හේතුවෙන් අගෝස්තු 13, 14 සහ 15 යන දිනවල බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන සීමා ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. අගෝස්තු 1…

By Site Administrator2 මිනිත්තු කියවීම
බෙල්ලන්විල පෙරහැරට දින 3ක් රථවාහන සීමා

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර හේතුවෙන් අගෝස්තු 13, 14 සහ 15 යන දිනවල බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන සීමා ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අගෝස්තු 13 – පාවාඩ පෙරහැර

පාවාඩ පෙරහැර අගෝස්තු 13 වැනිදා පෙරවරු 7.00ට ආරම්භ වී පෙරවරු 10.00ට පමණ අවසන් කිරීමට නියමිතය.

එම කාලය තුළ බොරලැස්ගමුව හන්දියේ සිට බෙල්ලන්තාර හන්දිය දක්වා 119 මහරගම–දෙහිවල බස් මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

මහරගම සිට දෙහිවල දෙසට සහ පිළියන්දල සිට දෙහිවල දෙසට ගමන් කරන වාහන පපිලියාන හන්දියට පැමිණ, ස්පාර් වටරවුම හරහා බෙල්ලන්තාර දෙසට වමට හැරී, නෙදිමාල හරහා දෙහිවලට ගමන් කළ හැකිය.

වෙරහැර හන්දියේ සිට බොරලැස්ගමුව සහ ගාලු පාර දෙසට ගමන් කරන වාහන ගංගාරාම පාර ඔස්සේ ගොලුමඩම හන්දියට ගොස් ගාලු පාරට පිවිසිය හැකිය.

අගෝස්තු 14 – රන්සීවලී පෙරහැර

රන්සීවලී පෙරහැර අගෝස්තු 14 වැනිදා රාත්‍රී 8.00ට ආරම්භ වී අගෝස්තු 15 වැනිදා අලුයම 2.00ට පමණ අවසන් කිරීමට නියමිතය.

එම කාලය තුළ බොරලැස්ගමුව හන්දියේ සිට බෙල්ලන්තාර හන්දිය දක්වා 119 බස් මාර්ගයේ රථවාහන සීමා කෙරේ.

දෙහිවල සිට මහරගම දෙසට ගමන් කරන වාහන බෙල්ලන්තාර හන්දියෙන් වමට හැරී 117 මාර්ගය ඔස්සේ පපිලියාන හන්දියට ගොස්, එතැනින් දකුණට හැරී බොරලැස්ගමුව හන්දිය දෙසට ගමන් කළ හැකිය.

බර වාහන සඳහාද පොලිසිය විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබේ.

අගෝස්තු 15 – රන්දෝලි මහා පෙරහැර

රන්දෝලි මහා පෙරහැර අගෝස්තු 15 වැනිදා රාත්‍රී 8.00ට ආරම්භ වී අගෝස්තු 16 වැනිදා අලුයම 4.00ට පමණ අවසන් කිරීමට නියමිතය.

එම කාලය තුළ බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තාර හන්දිය, නෙදිමාල හන්දිය සහ 117 මාර්ගයේ අත්තිඩිය පොලිස් පුහුණු විද්‍යාල හන්දියේ සිට පපිලියාන හන්දිය දක්වා රථවාහන සීමා කෙරේ.

මහරගම සහ පිළියන්දල සිට දෙහිවල දෙසට ගමන් කරන වාහන කොහුවල හන්දියට පැමිණ වමට හැරී කොහුවල–කළුබෝවිල මාර්ගය ඔස්සේ දෙහිවලට ගොස් ගාලු පාරට පිවිසිය හැකිය.

මවුන්ට් ලැවීනියා සහ රත්මලාන සිට මහරගම හා බොරලැස්ගමුව දෙසට ගමන් කරන වාහන අත්තිඩිය බේකරි හන්දියෙන් වමට හැරී ගාලු පාර ඔස්සේ කොහුවලට පැමිණ, දෙහිවල විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආසන්නයෙන් දකුණට හැරී ගමන් කළ හැකිය.

දෙහිවල සිට පපිලියාන දෙසට ගමන් කරන වාහන නෙදිමාල හන්දියේ සිට ඇන්ඩෲස් පාර ඔස්සේ කොහුවල හන්දියට ගොස් කොළඹ, බොරලැස්ගමුව හෝ නුගේගොඩ දෙසට ගමන් කළ හැකිය.

මෙම කාලසීමාව තුළ බර වාහන සඳහාද විශේෂ විකල්ප මාර්ග හඳුන්වා දී ඇති අතර, රථවාහන සීමාවන්ට සහ විකල්ප මාර්ග භාවිත කිරීමට මහජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න