හදිසි
Island edition
··
LankaNews
දේශීය

මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නිලධාරියෙක් අත්අඩංගුවට

බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර නිලධාරියකු රුපියල් මිලියන 2කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගල්කිස්ස කොට්ඨාස අ…

By Site Administrator1 මිනිත්තු කියවීම
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නිලධාරියෙක් අත්අඩංගුවට

බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර නිලධාරියකු රුපියල් මිලියන 2කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙතඇම්ෆෙටමීන් ග්‍රෑම් 100ක් සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සොයාගෙන තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ප්‍රශ්න කිරීම්වලදී එම සැකකරු පවසා ඇත්තේ, මැගසින් බන්ධනාගාරයේ දැනට දඬුවම් විඳිමින් සිටින රැඳවියකුගෙන් වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ ලැබුණු ස්ථානයකට ගොස් මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් බවයි.

එම මත්ද්‍රව්‍ය තොගය බොරැල්ල, වනත පාර ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයකු වෙත භාරදීමට නියමිතව තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

ලැබුණු තොරතුරු මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ ඇතුළු කණ්ඩායමක් අදාළ ස්ථානයේ රහසිගත මෙහෙයුමක් දියත් කර තිබේ.

බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසී පැමිණි බන්ධනාගාර නිලධාරියා පළමු සැකකරුගෙන් මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් නිලධාරියා තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. ඔහු පසුගිය ජනවාරි මාසයේදී මැගසින් බන්ධනාගාරයට අනුයුක්ත කර ඇති අතර, ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න