හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

ඉන්ධන මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ස…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඉන්ධන මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ මේ සඳහා ලංසු කැඳවා ඇත.

ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබාදුන් නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න