හදිසි
Island edition
··
LankaNews
දේශීය

කොළඹ විශ්වවිද්‍යාලයට එරෙහිව සිසුවෙකුගෙන් නඩු

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සහන් කුමාර අතුකෝරළ නමැති සිසුවා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ව…

By Site Administrator1 මිනිත්තු කියවීම
කොළඹ විශ්වවිද්‍යාලයට එරෙහිව සිසුවෙකුගෙන් නඩු

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සහන් කුමාර අතුකෝරළ නමැති සිසුවා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වෙනත් සිසුවෙකු මාර්ගයෙන් තමාගෙන් ඉල්ලා සිටි රුපියල් 80,000ක මුදල ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමා විශ්වවිද්‍යාල අවසන් විභාගයෙන් අසමත් කළ බව සිසුවා සිය පෙත්සම මගින් සඳහන් කර ඇත.

එමෙන්ම, එසේ අසමත් බවට දැනුම් දී තිබූ සිසුන් පිරිසක් පසුව කිසිදු යළි විභාගයක් නොපවත්වා සමත් බවට දැනුම් දී ඔවුන් වෙනුවෙන් උපාධි ප්‍රදානෝත්සවයක්ද පවත්වා ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

මුලින් අසමත් කළ සිසුන් යළි විභාගයකට පෙනී නොසිට සමත් කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් විමසා සිටියද, ඒ පිළිබඳව මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බවද සිසුවා සඳහන් කර ඇත.

ඒ අනුව යම් විභාග අක්‍රමිකතාවක් සිදුවී ඇති බව පෙනී යන බවද ඔහු සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලැබූ ව්‍යවසායකත්වය හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2022/2023) හැදෑරූ පැමිණිලිකරු නීතිඥ දනෝෂා පෙරේරා මාර්ගයෙන් මෙම නඩුව පවරා තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න