හදිසි
Island edition
··
LankaNews
දේශීය

රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවෙකු ඇතුළු තිදෙනෙක් දිවයිනට

රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්, මැලේසියානු පොලිසි…

By Site Administrator2 මිනිත්තු කියවීම
රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවෙකු ඇතුළු තිදෙනෙක් දිවයිනට

රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්, මැලේසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ඇතිව සිදුකළ මෙහෙයුමකදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (10) සවස ගුවන් මඟින් මෙරටට රැගෙනවිත් ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පේරාදෙණිය සහ තිස්සමහාරාම ප්‍රදේශවලද තාවකාලිකව පදිංචිව සිට ඇති බවට අනාවරණය වී තිබේ.

2014 වසරේ පේරාදෙණිය පොලිස් වසමේදී ගිනි අවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී එම පොලිස් වසමේදීම පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු බව පොලිසිය සඳහන් කරයි.

එම නඩු සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මීට අමතරව, 2003 වසරේදී ගල්කිස්ස පොලිස් වසමේදී සිදුකළ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන්ද ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති අතර, 2007 වසරේදී අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු මැලේසියාවේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනාද වැඩිදුර විමර්ශන සඳහා මෙරටට රැගෙනවිත් ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් සහ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න