හදිසි
Island edition
··
LankaNews
දේශීය

ගුරු හිඟය පියවීමට කඩිනම් පියවර

පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්…

By Site Administrator1 මිනිත්තු කියවීම
ගුරු හිඟය පියවීමට කඩිනම් පියවර

පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

විශේෂයෙන්ම විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා නව ගුරු බඳවා ගැනීම් කඩිනම් කිරීමට අවධානය යොමුව තිබේ.

එමෙන්ම ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමටද කාරක සභාවේදී අවධානය යොමු වී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න