කොස්වත්ත පොලිස් වසමේ ලුණුවිල ප්‍රදේශයේ පොල් වගා ඉඩමක තිබී නාඳුනන පිරිමි මෘත ශරීරයක් සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (10) උදෑසන ලැබුණු තොරතුරක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි.
මරණකරු වයස අවුරුදු 70ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු සුදු පැහැති කොට කලිසමක් සහ කළු පැහැති අත්දිග කමිසයක් හැඳ සිට ඇත.
මෘත ශරීරය නිරීක්ෂණය කිරීමේදී එය දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට සැක කෙරෙන අතර, මරණයට හේතුව සහ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




