ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය හන්දිය ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (10) උදෑසන තුවාල ලැබූ පුද්ගලයෙකු වැටී සිටින බවට ලැබුණු තොරතුරක් මත ලග්ගල පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඔහුව දාස්ගිරිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි. එහිදී වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බවයි.
මරණකරු ගම්මාන 01, මා ඔය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු සහ ඔහුගේ බෑනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




