හදිසි
Island edition
··
LankaNews
දේශීය

නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ භික්ෂුවක් අත්අඩංගුවට

තරුණියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ බව කියන සිවුරක් දරාගත් පුද්ගලයෙකු උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන…

By Site Administrator1 මිනිත්තු කියවීම
නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ භික්ෂුවක් අත්අඩංගුවට

තරුණියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ බව කියන සිවුරක් දරාගත් පුද්ගලයෙකු උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ කනිෂ්ඨ විද්‍යාලයක ගුරුවරයෙකු ලෙස සේවය කරන 33 හැවිරිදි භික්ෂුවක් බවයි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සහ අදාළ තරුණිය අතර ප්‍රේම සබඳතාවක් පැවති සමයේදී ඔවුන් ජංගම දුරකථන හරහා නිරුවත් වීඩියෝ දර්ශන හුවමාරු කරගෙන ඇති බවයි.

කෙසේවෙතත්, මීට මාස තුනකට පමණ පෙර එම සබඳතාව අවසන් වී ඇති අතර, ඉන් අනතුරුව සැකකාර භික්ෂුව තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.

අදාළ තරුණිය විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ උඩුගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න