හදිසි
Island edition
··
LankaNews
දේශීය

චිත්‍රපටයක් සමාජ මාධ්‍යයට මුදාහැරීම ගැන පොලිස් පැමිණිල්ලක්

දේශීයව නිෂ්පාදනය කරන ලද සිංහල චිත්‍රපටයක් නීතිවිරෝධී ලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහගේ චිත්‍රපටයක් ෆේස්බුක් සහ…

By Site Administrator1 මිනිත්තු කියවීම
චිත්‍රපටයක් සමාජ මාධ්‍යයට මුදාහැරීම ගැන පොලිස් පැමිණිල්ලක්

දේශීයව නිෂ්පාදනය කරන ලද සිංහල චිත්‍රපටයක් නීතිවිරෝධී ලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහගේ චිත්‍රපටයක් ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් හරහා හුවමාරු කළ පුද්ගලයෙකුට එරෙහිව චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති රසිත් ජිනසේන සඳහන් කළේ මෙවැනි සිනමා කෘති අනවසරයෙන් බෙදාහැරීම සුළු නීති උල්ලංඝනයක් නොව බරපතළ වරදක් බවයි.

නීතිය දැඩිව ක්‍රියාත්මක කළහොත් සිදුවූ මූල්‍යමය පාඩුව අදාළ වරදකරුගෙන් අයකර ගැනීමට පවා හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරු කෝරළවැල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි.

කෙසේවෙතත්, දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය එකඟතාව මත අදාළ සිසුවාට දැඩි ලෙස අවවාද කර සිද්ධිය සමථයකට පත්කර ගැනීමට කටයුතු කර තිබේ.

මෙවැනි සිනමා කෘති අනවසරයෙන් බෙදාහැරීම වැළැක්වීමටත්, ඊට අදාළ නීති තවදුරටත් ශක්තිමත් කර දැඩිව ක්‍රියාත්මක කිරීමටත් තම සංගමය ඉදිරියටත් කැපවී කටයුතු කරන බව චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න