හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

මත්තල ගුවන්තොටුපළට චීන, ඉන්දීය ආයෝජකයන්

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජන යෝජනා අතර චීන සහ ඉන්දීය සමාගම්වල යෝජනාද ඇතුළත් බව වරාය, ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක…

By Site Administrator1 මිනිත්තු කියවීම
මත්තල ගුවන්තොටුපළට චීන, ඉන්දීය ආයෝජකයන්

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජන යෝජනා අතර චීන සහ ඉන්දීය සමාගම්වල යෝජනාද ඇතුළත් බව වරාය, ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

මත්තල ගුවන්තොටුපළ මෙහෙයවීම සඳහා සුදුසු දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අදහස් විමසීමේ යෝජනා (EoI) කැඳවීමට රජය පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක්ද ක්‍රියාත්මක වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී චීනයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න ණය මුදලකින් ඉදිකළ මත්තල ගුවන්තොටුපළ 2013 වසරේදී විවෘත කෙරිණි.

ආයෝජන යෝජනා භාරගැනීම සඳහා මුලින් ජූනි 8 අවසන් දිනය ලෙස නියම කර තිබූ අතර, පසුව එම කාලසීමාව තවත් මාසයකින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ලැබී ඇති යෝජනා සංඛ්‍යාව 19ක් වන අතර, ඒවා මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතී.

ඉදිරිපත් වී ඇති යෝජනා අතර චීන සහ ඉන්දීය සමාගම් සිටීදැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව තහවුරු කර ඇත. ඕමානයෙන්ද ආයෝජන යෝජනා ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න