හදිසි
Island edition
··
LankaNews
දේශීය

මරණීය දණ්ඩනය ලැබූ චූදිතයෙකු සොයා මහජන සහය පතයි

2019 වසරේදී රාගම පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණය විසින් චූදිතයෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබේ. චූදිත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙ…

By Site Administrator1 මිනිත්තු කියවීම
මරණීය දණ්ඩනය ලැබූ චූදිතයෙකු සොයා මහජන සහය පතයි

2019 වසරේදී රාගම පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණය විසින් චූදිතයෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබේ.

චූදිත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මරණීය දණ්ඩනය නියම වූ චූදිතයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

පොලීසිය විසින් නිකුත් කළ තොරතුරු අනුව, චූදිතයාගේ නම රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග වන අතර, ඔහුගේ වයස අවුරුදු 38කි. ඔහුගේ ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ අංක 35/1, උග්ගහේන, වල්පොල, රාගම යන ලිපිනයයි.

චූදිතයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් රාගම පොලිස් ස්ථානාධිපතිවරයා 071 8591604 හෝ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා 071 9627561 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න