විධිමත් හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තවත් ජංගම බස් රථයක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහනේ දෙවසරක උපායමාර්ගික සැලැස්මට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ අනුව, ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
පොදු ප්‍රවාහන සේවයේ නිරත රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රාජකාරියේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මෙම ජංගම පරීක්ෂණ වැඩසටහන මේ වනවිට දිවයිනේ පළාත් පහක් ආවරණය කරමින් ක්‍රියාත්මක වේ.
පරීක්ෂණ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ක්‍රමිකව සංවර්ධනය කිරීමත් සමඟ දිවයිනේ සෙසු පළාත්වලටද මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත.
ප්‍රවාහන ආරක්ෂාව තහවුරු කරමින් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ජාතික අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන යටතේ මේ වනවිට පරීක්ෂණ 7,150ක් සිදුකර තිබේ.
අන්තර් අමාත්‍යාංශ සහයෝගීතාව යටතේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම අපේක්ෂා කරන බවද සඳහන් වේ.




