හදිසි
Island edition
··
LankaNews
දේශීය

මාළිගාවත්ත වෙඩි තැබීමකින් අයෙක් මරුට

කොළඹ, මාළිගාවත්ත බීසීසී පාලම ආසන්නයේ අද (10) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, සිද…

By Site Administrator1 මිනිත්තු කියවීම
මාළිගාවත්ත වෙඩි තැබීමකින් අයෙක් මරුට

කොළඹ, මාළිගාවත්ත බීසීසී පාලම ආසන්නයේ අද (10) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් අනතුරුව සැකකරු එම ස්ථානයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ සමීපතම ඥාතියෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, මාළිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න