හදිසි
Island edition
··
LankaNews
දේශීය

කොළඹ-කුවේට් ගුවන් ගමන් යළි ඇරඹේ

මැදපෙරදිග කලාපයේ පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ සහ කුවේට් අතර ගුවන් ගමන් යළි ආරම්භ කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඒ අනුව, කොළඹ සහ කුවේට් අතර සතියකට ගුවන්…

By Site Administrator1 මිනිත්තු කියවීම
කොළඹ-කුවේට් ගුවන් ගමන් යළි ඇරඹේ

මැදපෙරදිග කලාපයේ පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ සහ කුවේට් අතර ගුවන් ගමන් යළි ආරම්භ කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

ඒ අනුව, කොළඹ සහ කුවේට් අතර සතියකට ගුවන් ගමන් වාර හයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සෑම බදාදා දිනයකම හැර අනෙකුත් දිනවල පස්වරු 5.10ට කොළඹින් ගුවන් යානය පිටත් වී රාත්‍රී 8.05ට පමණ කුවේට් වෙත ළඟාවීමට නියමිතය.

ආපසු ගුවන් ගමන් එම දිනවල රාත්‍රී 9.10ට කුවේට් සිට පිටත් වන අතර, පසුදින අලුයම 5.15ට පමණ කොළඹට ළඟාවීමට නියමිත බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න