හදිසි
Island edition
··
LankaNews
දේශීය

ට්‍රැක්ටරයක ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට

ගිරිඋල්ල පොලිස් වසමේ පහල කටුගම්පල ප්‍රදේශයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක ටේලරයක ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 අගෝස්තු 8 වැනිදා රාත්‍රියේ මතව හමනාගොඩ අතුරු මාර්ගයේදී මතව දෙසට ධාවනය…

By Site Administrator1 මිනිත්තු කියවීම
ට්‍රැක්ටරයක ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට

ගිරිඋල්ල පොලිස් වසමේ පහල කටුගම්පල ප්‍රදේශයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක ටේලරයක ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

2026 අගෝස්තු 8 වැනිදා රාත්‍රියේ මතව හමනාගොඩ අතුරු මාර්ගයේදී මතව දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා 22 හැවිරිදි දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න