හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

ව්‍යාජ මුදල් මුද්‍රණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

මිරිහාන ප්‍රදේශයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් 53 හැවිරිදි සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2026 අගෝස්තු 8 වැ…

By Site Administrator1 මිනිත්තු කියවීම
ව්‍යාජ මුදල් මුද්‍රණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

මිරිහාන ප්‍රදේශයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් 53 හැවිරිදි සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2026 අගෝස්තු 8 වැනිදා උදෑසන මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ පාර ප්‍රදේශයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු එම සන්නිවේදන මධ්‍යස්ථානයේ හිමිකරු බව පොලිසිය සඳහන් කරයි.

වැටලීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටු 7ක්, රුපියල් 1,000 නෝට්ටු 6ක් සහ රුපියල් 500 නෝට්ටුවක් සොයාගෙන තිබේ.

මීට අමතරව, පරිගණකයක්, ස්කෑනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ෆෙන් ඩ්‍රයිව් එකක්, කඩදාසි කටර් එකක් සහ අඩිරූලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු 2026 අගෝස්තු 9 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න