රත්මලාන ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 අගෝස්තු 5 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව, අගෝස්තු 8 වැනිදා සවස මොරටුව සහ රත්මලාන ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 26, 28 සහ 30 යන වයස්වල පසුවන මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවත්, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් ප්‍රහාරයට හේතු වී ඇති බවත් දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




