හදිසි
Island edition
··
LankaNews
දේශීය

වෛද්‍යවරයෙකු නැතිව ගම්බිරිගස්වැව රෝහල වැසී යන ලකුණු

වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් අනුරාධපුර ගම්බිරිගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය වසා දැමීමේ අවදානමකට මුහුණ දී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. වාට්ටු දෙකකින්, වෛද්‍ය නිල නිවසක් ඇතුළු අවශ්‍ය පහසුකම්වලි…

By Site Administrator1 මිනිත්තු කියවීම
වෛද්‍යවරයෙකු නැතිව ගම්බිරිගස්වැව රෝහල වැසී යන ලකුණු

වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් අනුරාධපුර ගම්බිරිගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය වසා දැමීමේ අවදානමකට මුහුණ දී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

වාට්ටු දෙකකින්, වෛද්‍ය නිල නිවසක් ඇතුළු අවශ්‍ය පහසුකම්වලින් සමන්විත මෙම රෝහලේ දැනට කිසිදු වෛද්‍යවරයෙකු සේවයේ නොමැති අතර, එක් සේවිකාවක් පමණක් සේවය කරන බව ප්‍රදේශවාසීහු පවසති.

රෝහලේ සේවය කළ එකම වෛද්‍යවරියද මීට මාසයකට පමණ පෙර එම රෝහලෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගම්බිරිගස්වැව, පලුගොල්ලෑව, අලුත්ගම ඇතුළු ගම්මාන රැසක දහස් ගණනක් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔවුන්ට කිලෝමීටර් 28ක් පමණ දුර ගෙවා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යාමට සිදුව ඇති අතර, ප්‍රදේශයේ පවතින වන අලි තර්ජනය හේතුවෙන් රාත්‍රී කාලයේ එලෙස ගමන් කිරීම දැඩි අවදානම් බවද ඔවුහු පවසති.

එබැවින් සායන සහ අනෙකුත් ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගම්බිරිගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයට කඩිනමින් වෛද්‍යවරයෙකු ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න