හදිසි
Island edition
··
LankaNews
දේශීය

ශබ්ද දූෂණයට වැට බඳී – වරෙන්තු නැතිව අත්අඩංගුවට!

මහජනතාවට සහ පරිසරයට දැඩි බලපෑමක් එල්ල කරන ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා නව පරිසර පනත යටතේ විශේෂ රෙගුලාසි මාලාවක් හඳුන්වාදීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍ය…

By Site Administrator1 මිනිත්තු කියවීම
ශබ්ද දූෂණයට වැට බඳී – වරෙන්තු නැතිව අත්අඩංගුවට!

මහජනතාවට සහ පරිසරයට දැඩි බලපෑමක් එල්ල කරන ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා නව පරිසර පනත යටතේ විශේෂ රෙගුලාසි මාලාවක් හඳුන්වාදීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ නව සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට හිමිවන බවයි.

නව රෙගුලාසි යටතේ නිශ්චිත ශබ්ද මට්ටම් ඉක්මවා යමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, වාහන හෝ වෙනත් උපකරණ භාවිත කරන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට නීතිමය ඉඩකඩ සැලසීමට නියමිතය.

එමෙන්ම ශබ්ද දූෂණය සම්බන්ධ වැරදි සඳහා පනවන දඩ මුදල් සහ බන්ධනාගාර දඬුවම් ඉදිරියේදී සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට යෝජිතය.

ආගමික හා උත්සව අවස්ථා, කර්මාන්තශාලා, රාත්‍රී කාලයේ පැවැත්වෙන සාද මෙන්ම මගී ප්‍රවාහන වාහන තුළ අධික ශබ්දයෙන් සංගීතය වාදනය කිරීම ඇතුළු පරිසරයට හානිකර සියලුම ශබ්ද මූලාශ්‍ර නියාමනය කිරීමටද පියවර ගැනීමට නියමිතය.

ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයේ සමතුලිතතාවයට ශබ්ද දූෂණයෙන් සිදුවන හානිය අවම කිරීම මෙම නව තීරණයේ ප්‍රධාන අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න