හදිසි
Island edition
··
LankaNews
දේශීය

මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කිරීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙත තාප්පයට ඉහළින් විසිකර මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බේස්ලයින් මාර්ගයේ පිහිට…

By Site Administrator1 මිනිත්තු කියවීම
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කිරීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙත තාප්පයට ඉහළින් විසිකර මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බේස්ලයින් මාර්ගයේ පිහිටි මැගසින් බන්ධනාගාරයේ අතුරු තාප්පය අසල අද (08) සවස සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

බන්ධනාගාරය දෙසට පාර්සල් දෙකක් විසිකිරීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පාර්සල් පරීක්ෂා කිරීමේදී ‘අයිස්’ ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 250ක්, හෑෂ් මිලිග්‍රෑම් 02ක්, දුම්කොළ ග්‍රෑම් 250ක්, කුඩා ජංගම දුරකථන දෙකක්, දුරකථන චාජර් දෙකක්, ලයිටර් 10ක් සහ කරාබු ජෝඩු දෙකක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම 29 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් හෙට (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න