කුරුවිට බන්ධනාගාරය තුළ අද උදෑසන රැඳවියන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මුලින් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




