හදිසි
Island edition
··
LankaNews
දේශීය

අඹකොටේ කාන්තාව ඝාතනය කරයි

වෙළගෙදර පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමකට ලක්වූ කාන්තාවක් මාවතගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ අඹකොටේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.…

By Site Administrator1 මිනිත්තු කියවීම
අඹකොටේ කාන්තාව ඝාතනය කරයි

වෙළගෙදර පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමකට ලක්වූ කාන්තාවක් මාවතගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ අඹකොටේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇයගේ සැමියා තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 50 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙළගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න