හදිසි
Island edition
··
LankaNews
දේශීය

නීති විරෝධී මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් තොග සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කළ වැටලීම් දෙකකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.…

By Site Administrator1 මිනිත්තු කියවීම
නීති විරෝධී මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් තොග සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කළ වැටලීම් දෙකකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

2026 අගෝස්තු 4 වන දින දහවල් මොරටුව පොලිස් වසමේ ක්ලෝවියස් මාවත ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ 60 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, එදින සවස කොච්චිකඩේ පොලිස් වසමේ පලඟතුරය ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කළ තවත් වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 56යි මිලිලීටර් 250ක් (බෝතල් 75ක්) සමඟ 51 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පළමු සැකකාරිය මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, දෙවන සැකකරු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධීන් සම්බන්ධයෙන් මොරටුව සහ මීගමුව පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න