හදිසි
Island edition
··
LankaNews
දේශීය

බස් රථයක ගැටී 17 හැවිරිදි යතුරුපැදිකරු මරුට

මාවතගම පොලිස් වසමේ සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 අගෝස්තු 4 වන දින දහවල් මාවතගම – අහස්යානාපිටිය මාර්ගයේ ප්‍රජා ශාලාව ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇත. මාවතගම…

By Site Administrator1 මිනිත්තු කියවීම
බස් රථයක ගැටී 17 හැවිරිදි යතුරුපැදිකරු මරුට

මාවතගම පොලිස් වසමේ සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

2026 අගෝස්තු 4 වන දින දහවල් මාවතගම – අහස්යානාපිටිය මාර්ගයේ ප්‍රජා ශාලාව ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇත.

මාවතගම දෙස සිට අහස්යානාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මාවතගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා තිබේ.

ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් ඇත. මියගිය පුද්ගලයා සීරාදුන්න, මාවතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ක තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න