හදිසි
Island edition
··
LankaNews
දේශීය

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 අගෝස්තු 4 වන දින දහවල් බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශ…

By Site Administrator1 මිනිත්තු කියවීම
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2026 අගෝස්තු 4 වන දින දහවල් බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැකකරු හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසයි.

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා බොරලැස්ගමුව වැව පාර ප්‍රදේශයේ නිවසක කඩු සහ කිණිසි සමඟ සැලසුම් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරුට මීට පෙර පැහැර ගැනීම්, පහරදීම්, පුද්ගලයන්ට බරපතළ තුවාල සිදුකිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයක නඩු පවතින බවද සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න