හදිසි
Island edition
··
LankaNews
දේශීය

මීටියාගොඩ වෙඩි තැබීමේ සැකකරු සොයා පොලිසිය මහජන සහය පතයි

මීටියාගොඩ පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ. 2025 නොවැම්බර් 17 වන දින මීටියාගොඩ, අලුත් වල පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලක මුදල්…

By Site Administrator1 මිනිත්තු කියවීම
මීටියාගොඩ වෙඩි තැබීමේ සැකකරු සොයා පොලිසිය මහජන සහය පතයි

මීටියාගොඩ පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.

2025 නොවැම්බර් 17 වන දින මීටියාගොඩ, අලුත් වල පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලක මුදල් අයකැමිවරියක ලෙස සේවය කළ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය විමර්ශන පවත්වයි.

එම වෙඩි තැබීම සිදුකළ බවට හඳුනාගෙන ඇති සැකකරු මේ වනවිට සිය පදිංචි ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ ගල්කේන කංකානම්ගේ උපුල් කුමාර නොහොත් “ජම්බු” (වයස අවුරුදු 39) යන අයෙකි. ඔහු උඩුමුල්ල, කලුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ගන්දර සහ අම්බලන්ගොඩ පොලිස් වසම්වල සිදුවූ තවත් වෙඩි තැබීම් සම්බන්ධයෙන්ද අවශ්‍ය පුද්ගලයෙකු වන අතර, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කිහිපයකට අදාළව වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන් වේ.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන්ට මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා (071-8591481) හෝ මීටියාගොඩ පොලිස් ස්ථානය (0912260423) වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න