2026 අගෝස්තු 03 වන දින දහවල් ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවූ මාර්ගයක ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට ගිනිගත්හේන පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
අතුරුදන් වූ පුද්ගලයා අඹගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.



