2026 අගෝස්තු 03 වන දින උදෑසන පොල්පිටිය පොලිස් වසමේ මොරහේනගම ප්‍රදේශයේ නිවසක් නාය යෑමට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මියගිය කාන්තාවන් දෙදෙනෙකු වයස අවුරුදු 47 සහ 83 වන අතර, ඔවුන් මොරහේනගම ප්‍රදේශයේ එම නිවසේ පදිංචිකාරියන් බව හඳුනාගෙන ඇත. අනෙක් මියගිය පුද්ගලයින් දෙදෙනා මාතලේ ප්‍රදේශයේ සිට පැමිණි ඔවුන්ගේ ඥාතීන් වන අතර, ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයා අවුරුදු 22ක් සහ කාන්තාව අවුරුදු 58ක් වයසැති අය බව පොලිසිය පවසයි.
යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෘත ශරීර සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




