හදිසි
Island edition
··
LankaNews
දේශීය

මහර බන්ධනාගාරයේ ජංගම දුරකථන ජාලයක් හෙළිවෙයි

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලට පෙර හා පසුව රැඳවියන් ජංගම දුරකථන භාවිත කරමින් පිටත සිටින ඥාති හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ගැටුම් ඇතිවීමත…

By Site Administrator1 මිනිත්තු කියවීම
මහර බන්ධනාගාරයේ ජංගම දුරකථන ජාලයක් හෙළිවෙයි

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලට පෙර හා පසුව රැඳවියන් ජංගම දුරකථන භාවිත කරමින් පිටත සිටින ඥාති හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ගැටුම් ඇතිවීමත් සමඟ ඇතැම් රැඳවියන් ජංගම දුරකථන මගින් සිය පවුල්වල සාමාජිකයන් අමතා බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

මහර බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතය බහුලව පවතින බවත්, පැරණි රැඳවියන් විසින් එම දුරකථන අලුතින් පැමිණෙන රැඳවියන්ට මුදල් ලබාගෙන භාවිතයට ලබාදෙන බවත් වාර්තා වේ.

ජංගම දුරකථන භාවිතය සඳහා ගෙවීම් පැරණි රැඳවියන් ලබාදෙන ගිණුම් වෙත ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ සිදුකරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගැටුම්වලින් අනතුරුව රැඳවියන් විසින් බන්ධනාගාරයෙන් පිටත සිටින පුද්ගලයන්ට තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාදී ඔවුන් බන්ධනාගාරය ඉදිරිපිටට කැඳවා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අනාවරණය වී ඇත.

එමෙන්ම මහර බන්ධනාගාරයේ ඇතැම් පරිපාලන කටයුතු පවා පැරණි රැඳවියන්ගේ පාලනයට නතුව ඇති බවට තොරතුරු ලැබී තිබේ.

අලුතින් පැමිණෙන රැඳවියන්ට ආහාර, ස්නානය සහ ජල පහසුකම් ලබාගැනීම සඳහා පවා මුදල් ගෙවීමට සිදුව ඇති බවත්, එම ගනුදෙනු ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ සිදුකර ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මුදල් ලබාගෙන රැඳවියන්ට ජංගම දුරකථන ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න