හදිසි
Island edition
··
LankaNews
දේශීය

කල්මුණේ කැබ් රථ අනතුරකින් රියැදුරු මරුට

කල්මුණ පොලිස් වසමේ තාලවට්ටුවාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කැබ් රථ රියැදුරෙකු මියගොස් තිබේ. 2026.08. දින සවස මඩකලපුව – කල්මුණ මාර්ගයේ කල්මුණ දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව…

By Site Administrator1 මිනිත්තු කියවීම
කල්මුණේ කැබ් රථ අනතුරකින් රියැදුරු මරුට

කල්මුණ පොලිස් වසමේ තාලවට්ටුවාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කැබ් රථ රියැදුරෙකු මියගොස් තිබේ.

2026.08. දින සවස මඩකලපුව – කල්මුණ මාර්ගයේ කල්මුණ දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ලොතරැයි අලෙවි කුටියක සහ වෙළඳසැලක නාම පුවරුවක් සවිකර තිබූ යකඩ කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරු කල්මුණ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් වන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් ලොතරැයි අලෙවි කුටියේ සිටි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා කල්මුණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න