හදිසි
Island edition
··
LankaNews
දේශීය

දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

දෙහිවල පොලිස් වසමේ නිසල අරණ සුසාන භූමිය තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින…

By Site Administrator1 මිනිත්තු කියවීම
දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

දෙහිවල පොලිස් වසමේ නිසල අරණ සුසාන භූමිය තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී, වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන කාන්තාවක් 2026.08.02 වන දින මිහින්තලය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී අපරාධයට භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථන දෙකක්, ගමන් බෑගයක් සහ රුපියල් 280,000ක මුදලක් තැන්පත් කර ඇති ගිණුම්වලට අදාළ ATM කාඩ්පත් දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය 35 හැවිරිදි පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම අපරාධයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු 2026.07.26 වන දින මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න