රට තුළ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු සියලුම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.
පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රජාවේ ආරක්ෂාව සඳහා මෙම තීරණය ගෙන ඇති බවද සඳහන් වේ.
අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරි නිවේදන මඟින් දැනුම් දෙනු ඇත.




