හදිසි
Island edition
··
LankaNews
දේශීය

මහවැලි ගඟට ඉදිරි පැය 48 තුළ මහා ගංවතුර අවදානමක්

ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පසුගිය පැය කිහිපය තුළ පැවති වර…

By Site Administrator1 මිනිත්තු කියවීම
මහවැලි ගඟට ඉදිරි පැය 48 තුළ මහා ගංවතුර අවදානමක්

ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පසුගිය පැය කිහිපය තුළ පැවති වර්ෂාපතනය, ඉදිරියේදී තවදුරටත් වැසි ඇතිවීමේ හැකියාව සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ අවදානම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

මෙම අවදානම් නිවේදනය මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට අදාළ වන අතර, එම ප්‍රදේශවල පදිංචිකරුවන් ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා දැඩි අවධානයෙන් සිට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

එමෙන්ම, ආපදා කළමනාකරණ නිලධාරීන්ට අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින්, ජනතාව අවධානයෙන් සිටිමින් පවතින තත්ත්වය නිරීක්ෂණය කරන ලෙසද බලධාරීන් ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න