හදිසි
Island edition
··
LankaNews
දේශීය

අයහපත් කාලගුණය: නුවරඑළිය පාසල් හෙට වසා දැමේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04.08.2026) අඟහරුවාදා වසා තැබීමට තීරණය කර තිබේ. නුවරඑළිය අධ්‍යාපන අංශය සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලග…

By Site Administrator1 මිනිත්තු කියවීම
අයහපත් කාලගුණය: නුවරඑළිය පාසල් හෙට වසා දැමේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04.08.2026) අඟහරුවාදා වසා තැබීමට තීරණය කර තිබේ.

නුවරඑළිය අධ්‍යාපන අංශය සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බවද එම අංශය සඳහන් කළේය.

මේ අතර, මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 6කට අයත් පාසල් සඳහා අවශ්‍යතාව අනුව නිවාඩු ලබාදීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටියාරච්චි සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව හැටන්, කොත්මලේ, නුවරඑළිය, ගම්පොළ, මහනුවර සහ තෙල්දෙණිය අධ්‍යාපන කලාපවල පාසල් සඳහා අවශ්‍යතාව අනුව නිවාඩු ලබාදීමට හැකියාව ඇත.

එමෙන්ම, නායයෑමේ අවදානම හේතුවෙන් මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න