හදිසි
Island edition
··
LankaNews
දේශීය

පේරාදෙණිය සරසවියට දිවියන්ගෙන් අනතුරු ඇඟවීමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දිවියන් සැරිසැරීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විශේෂ ආරක්ෂක උපදෙස් නිකුත් කර තිබේ. මෑතකදී පශු වෛද්‍ය පීඨයට අ…

By Site Administrator1 මිනිත්තු කියවීම
පේරාදෙණිය සරසවියට දිවියන්ගෙන් අනතුරු ඇඟවීමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දිවියන් සැරිසැරීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විශේෂ ආරක්ෂක උපදෙස් නිකුත් කර තිබේ.

මෑතකදී පශු වෛද්‍ය පීඨයට අයත් පශු සම්පත් ගොවිපළේ සිටි වසුපැටවකු දිවියකුගේ ප්‍රහාරයකින් මියයාමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

හන්තාන රක්ෂිත වනාන්තරයේ වෙසෙන දිවියන් ඉඳහිට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වන අතර, මීට පෙරද පශු වෛද්‍ය පීඨයේ ගව මඩුව ආශ්‍රිතව මෙවැනි ප්‍රහාර වාර්තා වී තිබේ.

උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් නිකුත් කළ නිවේදනයකින්, විශේෂයෙන් අලුයම, සන්ධ්‍යා සහ රාත්‍රී කාලවලදී ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රජාවට දැනුම් දී ඇත.

රාත්‍රී හෝ අලුයම තනිව ගමන් නොකරන ලෙසත්, දිවියන් හෝ වෙනත් වන සතුන් දුටුවහොත් ඒ අසලට නොයන ලෙසත්, ඡායාරූප හෝ වීඩියෝ ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම, දිවියන් දුටු අවස්ථාවක හෝ සැකකටයුතු සිදුවීමක් වාර්තා වූ විට වහාම විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසද දැනුම් දී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න